දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Tuesday, September 20, 2016

ඇට්ටේරියා [Etteriya] (Murraya paniculata)

ඇට්ටෙරියා අලංකාර පඳුරක් ලෙස වැඩෙන කුඩා දේශීය ශාකයකි. දිළිසෙන සුලු කොළ පොඩිකළ විට සුවඳක් නික්මේ. අතු පහලට එල්ලා වැටෙන ස්වභාවයකි. කඳ අඳුරු සුදු පැහැයක් ගනී. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති මල් ඉතා අංකාරවත් වන අතර මිහිරි සුවඳකින් යුක්ත ය. පොකුරක මල් කීපයක් දරයි. ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පය ලෙස නම් කර ඇත. ඇත් දළ පැහැයක් ගන්නා මෙම ලීය කෘතිම ඇත් දළ සෑදිමට මෙන්ම බස්තම් රුක්කලා ආදිය සඳහාත් බහුලව භාවිතා කරයි. ඇට්ටේරියා අත්ත තෙල් මැතිරීම, ගුරුකම් වැඩ ආදිය සඳහා යොදා ගන්නා අතර තෙල් වර්ග සුවඳවත් කිරීමට මෙම මල් භාවිතා කරයි. ගෙවතු අලංකරණය සඳහා විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඇට්ටේරියා ශාකය Rutaceae කුලයට අයත් ය. 

ඉදිමුම්, කුෂ්ඨ, සුදුකබර, වමනය, පණු අමාරු, වණ, මුත්‍ර ආබාධ, අජීර්ණය, අතීසාරය, උණ, ඉක්කා, කැඩුම් බිඳුම්, අක්ෂි රෝග, සර්ප විෂ, ආදී රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇට්ටේරියා ශාකයේ කොළ, දළු, පොතු, මුල් අැතුළු පංචාගයම යොදා ගනී. ඇට්ටෙරියා ගර්භස්‍රාවයන් ජනනය කරන, අරුචිය නසන කුසගිනි වඩවන ගුණ සහිතයි. 

දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී ඇට්ටෙරියා කොළ සහ පොතු අමුවෙන් භාවිතා කරන බව සඳහන් වේ. එහිදී වේදනා සමනය කිරීමට මුලේ පොත්ත අඹරා ආලේප කරයි. උලුක්කු භග්න ශෝතවලට කොළ, පොතු, අමුකහ ලුණු සමඟ කොටා මැල්ලුම් සකසා භාවිතා කරයි. හන්දි ඉදිමුමට ඇට්ටේරියා කොළ සහ යුෂ, එඬරු ඇට, අබ, තල අඹරා පත්තුව ලෙස යොදා ගනී. වාත රෝගවලදී වේදනාව නැසීමට ඇට්ටෙරියා පොතු වෙනත් ඖෂධ සමග යොදයි. සර්ප විෂට ප්‍රතිකාර කිරීමේදී නශ්‍ය කිරීමට ඇට්ටේරියා දළු යුෂ  යොදා ගනී. උළුක්කු, භග්න, ශෝථවලට ඇට්ටෙරියා කොළ පොතු අමුකහ සහ ලුණු සමග කොටා මැල්ලුම් සකසා ලෙස භාවිතා කරයි. වාත භංග චූර්ණයේ මෙම කොළ සහ පොතු අංගුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

9 comments:

Duminda Abeysekara said...

අදයි මේ බ්ලොග් එක දැක්කේ. මම හොයමින් හිටි ලිපි මාලාවක්. අපූරුයි. ස්තූතියි.

ජයවේවා!!!

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබට.

buddhika said...

idda kiyanne mekatamada

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

නෑ ඉද්ද වෙනයි. ඉද්ද කියන්නේ Walidda antidysenterica කියන අප රටට ආවේනික ශාකයට. එයට කෙලිඳ කියලත් කියනවා. ඊට අමතරව වතු සුදු (Tabernaemontana divaricata) ශාකයටත් සමහරු ඉද්ද කියනවා. එය අප රටට හඳුන්වාදුන් විශේෂයක්.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

නවතම උද්භිදවිද්‍යා නාමකරණවලට අනුව Walidda antidysenterica ශාකයේ සම්මත උද්භිද නාමය Wrightia antidysenterica ලෙස වෙනස් වී ඇත.

Indunil Abeyrathna said...

Just see this blog, very much interesting and very helpful. I am keen to learn more about Medicinal Plants and that is my hobbyy. Thank you for sharing your knowledge.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි. ඔබ ඖෂධ පිණිස ගන්නා ගස් වැල් හඳුනා ගැනීමට උනන්දු නම් අපගේ "ඔසුපැල හඳුනා ගනිමු" ෆේස්බුක් සමූහය සමඟ එකතු වීමත් ප්‍රයෝජවත් වේවි.

Unknown said...

Ape deshiya aushada pilibadha itha watina lipiyaki. Sthuthi !! Mata danaganna ona une atteriya kiyannr akeshiya shakayakda kiyala.

Unknown said...

ඉතාම වටිනා මූලාශයකි.

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support