දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, January 16, 2017

ගල්කූර [Galkura] (Melochia corchorifolia)

ගල්කූර මීටර් 2 ක් දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. සෙ.මිි. 10 ක් දක්වා දිගු විය හැකි සරල පත්‍ර පටු සිට පුලුල් දක්වා අණ්ඩාකාර හැඩයෙන් යුක්ත ය. පුෂ්ප මංජරියක තදින් ඇසිරුනු පෙති 5 ක් සහිත මල් සුදු හො දම් පැහැතිය. විශ්කම්භය මි.මි. 5 පමණ වන ඵලය කොටස් පහකට බෙදී ඇති ඇතර එක් කොටසක් තුල බීජයක් බැගින් පිහිටයි. ගල්කූර ශාකය Sterculiaceae උද්භිද කුලයට අයත් ය. 

දේශීය වෙදකමට අනන්‍ය (ආයුර්වේදයේ සඳහන් නොවන) ඖෂධයක් ලෙස සැලකෙන ගල්කූර රත්පිත්, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල්, ප්‍රමේහ, වාතරක්තයෙන් ජනිත රෝග ආදියට ප්‍රතිකාර කීමට යොදා ගනී. දියවැඩියාවට ගල්කූර ශාකයම කොටා වියළා මී පැනියෙන් අඹරා ඉටිපදමට ගෙන උදය සවස පුවක් ගෙඩියක් පමණ වළඳා ඇල් වතුර බීමට නියම කර ඇත. වැල් දෙහි චූර්ණය, ජීරක චූර්ණය, මහා වලිප්පුරාජ තෛලය ගල්කූර යොදා නිපදවන ඖෂධයන් ය.

ගල්කූර කොළ පළාවක් හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට එක් කර ගත හැකිය. ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෙදකමේදී උදරාබාධ, අතීසාරය, වමනය මුත්‍ර පද්තිධයේ රෝග, තුවාල, වණ, සර්ප දෂ්ඨන, හිසරුදා ආදී රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල් බීජ ආදිය භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

4 comments:

sumith said...

this is not a galkoora

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

මෙය ගල්කූර බවට සැකයක් නෑ. අවශ්‍ය නම් උද්භිද නාමයෙන් සොයා බලන්න. කෙසේ වෙතත් ගස් වැල් ගැන ඔබ දන්නා තොරතුරු බෙදා ගැනීමට අපගේ "ඔසුපැල හඳුනා ගනිමු" ෆේස්බුක් සමූහය සමඟ එකතු වෙන්න.

Unknown said...

ඔව් මේ ගල්කූර තමයි. මම කාල තියෙනවා

Unknown said...

ගල් කූර තමයි අපි පුන්ච් කාලේ ඒ පුන්චි ඇට කනවා

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support