දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, July 30, 2014

නෙල්ලි [Nelli] (Phyllanthus emblica)

බෙහෙත් නෙල්ලි යනුවෙන්ද ජන ව්‍යයවහාරයයේ හඳුන්වන නෙල්ලි මීටර් 15 පමණ උසට වැඩෙන දේශීය ශාකයකි. පතනශීලි හෙවත් කලකදී කොළ හැලී යන ශාකයක් වන මෙහි පිට මෙහි පොත්ත ගැලවී ඉවත් වන ස්වභාවයක් ගනී. එ්කාන්තරව පිහිටන සංයුත්ත පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගගට වර්ධනය වේ. එක ගෘහි හෙවත් ස්ත්‍රි සහ පුරුෂ මල් එකම ශාකයේ පිහිටයි. පුෂ්ම මංජරියක පුරුෂ මල් රාශියක් සහ ස්ත්‍රි මල් 1-2 ක් වන සේ මල් හටගනී. පිරිමි මල් සුදු පැහැති වන අතර ගැහුණු මල් දුඹුරු පාටට හුරු අඳුරු පැහැයක් ගනී. ඵලය බදරියක් හෝ වියළෙන විට පැලී යන ස්ඵෝටිකාවකි.  පංච රසයෙන් යුත් වටිනා පළතුරක්ද වන නෙල්ලි Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ප්‍රමේහ, කැරකිල්ල, හිසරුදා, මද සරු භාවය, මුඛ රෝග, රත්පිත, අක්ෂි රෝග, පිත් වමන, පීනස, මලබද්ධය, බඩ පිපුම, කේෂ රෝග, මුත්‍ර රෝග, ස්වනස අපහසුතා, පාණ්ඩු. ගුල්ම අරුචි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නෙල්ලි ශාකයේ කොළ, පොතු. මුල්, මල්, ගෙඩි, ඇට මද ආදිය භාවිතා කරයි. නෙල්ලි ශාකයේ එක් එක් කොටස් විවිධ ගුණයන්ගෙන් යුක්ත බව සඳහන්. ඒ අනුව වියළි නෙල්ලි භග්න සන්ධානය කරන, ඇසට හිතකර, පිත, සෙම, පිපාසය, විෂ නසන ගුණ සහිතයි. අමු නෙල්ලි හිසකෙස් වැඩීමට, විරේචනයට හිතකර සහ අරුචිය, රත්පිත, ප්‍රමේහ, විෂ, උණ, වමනය, මලබද්දය, ඉදිමුම්, රක්ත දෝෂ ආදිය නසන ගුණ සහිත බව සඳහන්. නෙල්ලි ඇටමද ප්‍රදර රෝග, වමනය, වාතය, පිත, උණ, ඇදුම, කැස්ස නසන ගුණයන්ගෙන් යුක්ත ය. නෙල්ලි මුල වමන, අරුවි, තුන්දොස් කෝප, මලබද්ධය නසන ගුණ සහිත බව දක්වා ඇත. ත්‍රිඵලා චූර්ණය, ච්‍යවනප්‍රාශාවලේහය, ධාත්‍රි රසායනව වැනි නෙල්ලි යොදා නිපදවන ඖෂධ රැසකි. අරළු, බුළු සහ නෙල්ලි යොදා නිපදවන ත්‍රිඵලා චූර්ණය ජීර්ණ පද්ධතිය මනා සෞක්‍යයකින් පවත්වාගෙන යෑමට බෙහෙවින් උපකාර වන ඖෂධයකි. 

මලබද්ධයට  නෙල්ලි මුල් හා ගෙඩි මඳ කෂාය කර බීමට දෙයි. වමන, කුෂ්ඨ ආදී චර්ම රෝගයන්ට නෙල්ලි කෂායට සීනි හා කිර දමා පානය කළ යුතුය. විසූචිකා නම් ජීර්ණ පද්ධතියට සම්බන්ධ රෝගයේදී නෙල්ලි දලු අඹරා මෝරුවෙන් අනා කෑමට ගත යුතුය. මුඛයේ ඇති වන තුවාල සඳහා නෙල්ලි කොළ කෂායෙන් කට සේදීම හෝ එම කෂාය මුඛයේ ටික වේලාවක් රදවාගෙන සිටිම කළ යුතුය. නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ. ප්‍රමේහයට නෙල්ලි මුලේ අමු සුඹුලක් ගෙන කස පැණියෙන් සෝදා කොටා යුෂ ගෙන ඊට කහකුඩු මී පැණි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කිරීමට නියම කර ඇත. කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගයට නෙල්ලි යුෂ පානයක් ලෙස හෝ නෙල්ලි ගෙඩි පළතුරක් ලෙස කෑමට ගැනීම ගුණදාකය. මුත්‍ර අඩස්සියට සහ පිත්තජ ප්‍රමේහයට මෙන්ම මුත්‍ර දෝෂවලටද නෙල්ලි යුෂ පානය කිරීම ගුණය. මුත්‍ර අඩස්සිය ඇති විට නෙල්ලි උණු වතුරෙන් අඹරා යටිබඩේ ගෑ විට පහසුවෙන් මුත්‍ර පිට වෙයි. ශ්වේත ප්‍රදරයට ප්‍රතිකාර ලෙස නෙල්ලි පිටි, නෙල්ලි යුෂ යන දෙකෙන් එකක් මී පැණි සමඟ දීම හෝ නෙල්ලි ඇට ඇල් වතුරින් අඹරා සීනි මිපැණි සමඟ දීම සිදු කරයි. නෙල්ලි, රසකිඳ කල්කය මොරුවෙන් දීම අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. අක්මාවේ මේදය තැන්පත් වීමෙන් පීඩා විඳින අයට  නෙල්ලි යුෂ තේ හැන්දක් දින 25ක් පමණ සෑම උදෑසනකම පානය කිරීම බෙහෙවින් ප්‍රතිඵලදායක බව සඳහන්. 

නෙල්ලි රසායන ගුණයෙන් යුක්ත හෙයින් තරුණ බව සහ කාය ශක්තිය පවත්වාගෙන යෑමට උපකාරී වෙයි. නෙල්ලි ආහාරයට ගැනීමෙන් සම පැහැපත්වීම, හිසකෙස් ගැලවීම සහ පැසීම වැළැක්වීම, අහාර ජීර්ණය ක්‍රමවත් වීම, මලබද්ධය ඇති නොවීම ආදී ප්‍රතිලාභ රැසක් අත් විඳිය හැකිය. එමෙන්ම නිරක්තිය හෙවත් ලේ හිගකම මගහරවා ධාතු ශක්තිය වැඩි කරයි. නෙල්ලි, බඩගින්න වඩවන, මල ඇති කරන ආහාරයක් ලෙස සැලකෙන අතර අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන, හදවතට හිතකර ,රක්තපාතය වලක්වන ඔසුවක් ලෙස සැලකේ. විකිරණවලින් වන හානි වලක්වාගැනීමේ ගුණයක් නෙල්ලිවල ඇති බව පර්යේෂ මඟින් සනාථ කර ඇත. අක්මාවට, වකුගඩුවලට වන හානි නෙල්ලි ස්‍රාවයෙන් වලක්වා ගත හැකි බවත්, සිරුරට එක්වන විෂ සහිත ලවණවලට විරුද්ධව ක්‍රියා කිරීමට හැකියාවක් ඇති බවත් සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

2 comments:

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඖෂධීය පලතුර නෙල්ලි
ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල්ලි නම් එය ත්‍රිපලා ලෙස හඳුන්වයි.
රස හයෙන් 05 ක් ම නෙල්ලිවල ඇත. අපේ රටේ වගේම ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා වැනි රටවල නෙල්ලි සරුවට වැඩේ. විටමින් ‘සී’ බහුල පලතුරකි.
නෙල්ලිවල හිතකර ගුණ
* රසායන ගුණයෙන් යුක්තය.
* නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ.
* ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.
* නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.
* හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.
* නෙල්ලි පලතුර ආහාරයට ගැනීමෙන් දෙනෙත්වලට ගුණදායක බවක් ගෙන දේ.
* ඔබගේ කේෂ කලාපය වඩාත් හොඳීන් වර්ධනය කර ගැනීම සඳහා නෙල්ලි ආහාරයට ගන්න.
* මතක තබාගැනීමේ ශක්තිය ඇතිකරීමට සමත් නෙල්ලි අමතක ඔබට කදිම පලතුරකි.
* අකාලයේ මහළු වීම දුරුකරන බැවින් නෙල්ලි නිතරම ආහාරයට එකතු කර ගැනීමට තරම් පලතුරකි.
* උගුරේ ඇති ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමට නෙල්ලිවලට හැකිය.
* හිරිවැටීම නැති කරන අපූරු පලතුරකි.
* අකලට ඔබේ කෙස් පැසේ නම් නෙල්ලි නිසා එය වෙනස් වේ.
* අජීර්ණයන් ඇතිවූ අවස්ථාවලදී නෙල්ලි ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් ලැබේ.
* සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට නෙල්ලි ආහාරයට දිය හැකි පලතුරකි.
* කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් නෙල්ලිවල ඇති නිසා එම රෝගයෙන් පෙළෙන්නන්ට නෙල්ලි බය නැතිව ආහාරයට ගත හැකිය.
* ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.
* හෘදය ආශි‍්‍රත ඇතිවිය හැකි රෝගවලට ගුණදායකය.
* නාසය හිරවීම වළක්වයි.
* වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
* බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
* සන්ධි රෝගයෙන් පීඩා විඳින්නන්ට වඩාත් උචිතය.
* පිළිකා නසන ගුණයක් නෙල්ලිවල අඩංගුය.
* නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය.
* ඔබත් වකුගඩු රෝගයෙන් කරදරයට පත්වී සිටින්නෙක්ද? එසේ නම් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ඔබට සුවයක් හිමිවේ.
* දියවැඩියා රෝගීන්ට නෙල්ලි ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.
* ආහාර දිරවීමේ ගැටළුවලින් පෙළෙන්නන්ට එම ක්‍රියාවලියේ ශක්තිය වැඩිකිරීම නෙල්ලි පලතුරෙන් සිදු වේ.
* මළබද්ධයට කදිමයි.
* උණ රෝගීන්ට කෑමට දිය හැකිය.
* රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.
* මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.
* ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි.
* අර්ශස් රෝගයට උචිත බැවින් නෙල්ලි ආහාරයට එකතු කර ගන්න.
* අක්මා රෝගවලට ගුණදායක වේ.
* නෙල්ලි මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තය.
* රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.
* විදුරුමස්වලින් ලේ ගැලීම නිසා ඔබ පීඩා විඳින්නේද? එසේ නම් නෙල්ලි කෑම නිසා එම රෝගයෙන් සුවය ලැබේ.
* දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.
* මුඛය පිරිසුදු කරන පිරිසුදු කාරකයකි.
* පණු රෝගවලට ගුණදායකය.
* ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.
* රතු සෛල ප්‍රමාණය වැඩි කිරීම සිදුවේ.
* බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැතිකිරීමට නෙල්ලි පලතුර හේතු වේ.
* බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.
* ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.
* පෙනහලු රෝගවලට කදිමය.
* ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.
නෙල්ලිවල අගුණ
* මෙම පලතුරෙහි එවැනි අහිතකර බවක් නොමැති වීම විශේෂත්වයකි.

Krisha Wimalasena

Unknown said...

Thanks

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support