දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, June 27, 2016

බක්මී [Bakmee] (Nauclea orientalis)

බක්මී විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඕවලාකාර හැඩයෙන් යුත් විශාල පත්‍ර සම්මුඛව පිහිටයි බක්මී මල් අලංකාරවත් මෙන්ම ඉතා සුවඳවත් ය. ඉඳුණු බක් මී ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගත හැකි ය. සිංහල ගීත සාහිත්‍යයෙහි බක්මී මල පාදක කර ගත් නිර්මාණ රැසක් හමු වෙයි. බක් මී Rubiaceae කුලයට අයත් ශාකයකි.

ඇතමුන් බක්මී සහ බකිනි එකම ශාකය ලෙස සලකතත් එය නිවැරදි නොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. එහි මෙසේ සඳහන් වේ " බක්මී සහ බකිනි දෙකම එකම වර්ගයක් වශයෙන් ඇතැම් පළාත්වල සලකති. එහෙත් වචන දෙකේ මිස ගස් දෙකේ කිසිම සමානකමක් නැති මේ ගස් දෙක වෙන් වශයෙන් අඳුනා ගැනීම ප්‍රයෝජනවත් ය. බක් මී පොතු වෙනුවට බකිනි පොතු වරදවා ගතහොත් නැති අසනීප ඇති විය හැකි හෙයිනි. බකිනි දර පිණිස මිස ඖෂධ පිණිස ගැනීමට නියම කළ තැනක් දකින්නට නැත."

ගඩු, විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමට බක්මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. බක් මී වේදනාව සමනය කරයි. ඉදිමුම් නසයි. වණ ශුද්ධකොට මස ලියලවයි. තනකිරි වඩවයි. විෂ නසයි. චර්ම විකෘති තාවයන් යථා තත්වයට පත් කරයි. පිපාසය සංසිඳුවයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
Share:

9 comments:

SAN said...

cannot read any post in this blog.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි. එය නිවැරදි කළා.

buddhika said...

mee karana deyanam upa upan jathiyakama nirogi sampathama labewa....
puluwanda deshiya vaidya shabda koshayak hoyaganna widihak kiyanna

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබට. මම දන්න තරමින් දේශීය වෛද්‍ය ශබ්දකෝෂය මුද්‍රණය අවසන් වී තිබෙන්නේ. මම ලඟත් තියෙන්නේ පොටෝ කොපි කර ගත් එකක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයකින් හෝ පොතක් තියෙන අයකුගෙන් ඉල්ලාගෙන එලෙස කොපි කර ගත හැකියි.

Unknown said...

බකිනි කියන්නෙ කොයි ගහද එතකොට? විද්‍යාත්මක නම?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

Breonia chinensis

Guitar rand said...

පැල හොයාගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද??

Anonymous said...

Call 077 055 4398

Anonymous said...

මට
මේ මල් ටිකක් සොයා ගැනීමට අවස්තාවක් දෙන්න පුලුවන්ද. හැකිනම් isuruanuradha99@gmail com ho 0769171248 පනිවිඩයක් ලබා දෙනවද ?
බෙහෙතකට fresh මල් ටිකක් හොයනවා මන්.

පින් 🙏

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support