දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 15, 2016

මස්බැද්ද [Masbedda] (Gymnema sylvestre)

ප්‍රාදේශීයව මස්බැද්ද යනුවෙන් හඳුන්වනු ලබන ශාක විශේෂ කීපයක් ඇතත් Gymnema sylvestre ශාකය ප්‍රධාන වශයෙන් මස්බැද්ද ලෙස සලකා ඔසු පිණිස භාවිතා කරයි. මෙය ආධාරක ශාකයක් මත වැඩෙන කාෂ්ඨීය වැලකි. පත්‍ර ඇතුළුව වැලෙහි බොහෝ කොටස් ද, විශේෂයෙන් ළපටි ශාඛා ද බූව සහිතය. සරල ඒකාන්තර පත්‍ර පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. පුෂ්ප මංජරිය ඡත්‍රයක් වැනි බහු අක්ෂයකි. මල් ළා කහ පැහැතිය. බූමණියක් සහිත බීජ සුලඟ මඟින් ව්‍යයාප්ත වේ. දේශීය වෛද්‍යවරු හීන් මස්බැද්ද සහ මහ මස්බැද්ද යනුවෙන් ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. හීං මස්බැද්ද කොළ තරමක් අඳුරු පැහැති වන අතර කොළ සාපේක්ෂව කුඩාය. මස්බැද්ද Apocynaceae කුලයට අයත් ශාකයකි. 

මෑතකාලීනව දියවැඩියාව සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙස මස්බැද්ද ශාකය වඩාත් කතාබහට ලක්විය. දියවැඩියාවට එරෙහි ගුණයන් ඇත්තේ මස්බැද්ද කොළවල බවත් ශාකයේ අනෙක් කොටස්වල එවැනි ගුණයක් නැති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇති බව සඳහන් වේ. දියවැඩියාවට අමතරව විශේෂයෙන් මුත්‍ර සමඟ සීනි පිටවීම, ග්‍රන්ථි ඉදිමුම්, අක්මා රෝග, ප්ලීහා රෝග, මුත්‍ර රෝග, ප්‍රතිශ්‍යා, ඇදුම, ක්ෂය රෝගය, හෘද දුර්වලතා, ආදියට ප්‍රතිකාර කිරීමේදී මස්බැද්ද ශාකයේ කොළ, මුල්, ඇට ආදිය භාවිතා කරයි.

දියවැඩියාවට සහ මුත්‍ර සමඟ සීනි පිටවීමට (මධුමේහයට) මස්බැද්ද පත්‍ර චූර්ණය යොදයි. මස්බැද්ද බීජ චූර්ණය ප්‍රතිශ්‍යා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාරයකි. ඇදුම රෝගය සඳහා වියළාගත් මුලේ පොතු පිලිස්සූ දුම ආග්‍රහණය කිරීම සහ උණට කොළ කෂාය දීම සිදු කරයි. මුලේ පොතු අක්ෂි රෝග සඳහා ද භාවිතා කරයි. එමෙන්ම ගෙඩි ඉහිරීමට මස්බැද්ද කොළ පොතු, ගඳපාන කොළ, කහ, ලුණු දමා කොටා මලවා බැඳීම සහ ලුණුවරණ කොළ පොතු සහ මස්බැද්ද කොළ පොතු කහ, ලුණු දමා කොටා මලවා බැඳීම ආදී ප්‍රතිකාර රැසක්ද අත් වෙද පොත්වල සඳහන් කර ඇත.

මස්බැද්ද කොළ සැපීමෙන් දිවෙහි රසඥතාවය යම් කාලයකට වෙනස්වී යාම මෙම ශාකය ගැන දන්නා අයගේ අත්දැකීමකි. වඳ බව නැති කරන ඖෂධ යෝග කිහිපයකට මස්බැද්ද භාවිතාකරන බව දේශීය වෛද්‍යවරු ප්‍රකාශ කරති. වැරදීමකින් බුලත් විට කන හුණු කැවුණහොත් මස්බැද්ද කොළ කිහිපයක් හපා එම යුෂ ගිලීමෙන් හුණු සම්පූර්ණයෙන් විෂ ඉවත් වන බව කියැවේ. 

සහාය මහාචාර්ය පියල් මාරසිංහ මහතාට අනුව ඇතැම් ප්‍රදේශවල තුවාල, තැලුම් සහ මස්පිඩු ඉරීයාම ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන මස්බැද්ද ශාකය මෙය නොවන අතර එය Mallotus repandus නම් උද්භිද නාමයෙන් හඳුන්වන වල් කැප්පෙටියා නම් ශාකයකි.  එතුමාගේ අදහස වන්නේ Gymnema sylvestre ශාකයේ  ශක්තිමත් කාෂ්ඨීය වැල දඩයක්කරුවන් මස් බැඳගෙන යාම සඳහා භාවිතා කළ නිසා මස්බැද්ද ලෙස හැඳින්වූ බවත් වැල් කැප්පෙටියා ශාකයේ, ශරීරයේ ඉරීගිය මාංශපේෂී යථා තත්වයට පත් කිරීමට සමත් ගුණයන් පවතින හෙයින් එය මස්බැද්ද ලෙස හඳුන්වා ඇති බවත්ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්
මස්බැද්ද වැලේ සේයාරුව_ ආචාර්ය Siril Wijesundara වනස්පති ෆේස්බුක් සමූහයේ පලකරන ලද්දකි
වල් කැප්පෙටියා (Mallotus repandus)

Share:

26 comments:

Anonymous said...

මස්බැද්ද කොළ මිලදී ගතහැකි තැනක් , දුරකථන අංකයක් හෝ ලිපිනයක් පුලුවන්නම් ලබාදෙන්න

Rasanga said...

හැකිනම් මස්බැද්ද වැඩි වශයෙන් ඇති ප්‍රදේශයක් සදහන් කරන්න

Rasanga said...

ඔබගේ පිළිතුර අපේක්ෂාවෙන් සිටිමි.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඔබ දෙදෙනාගේම ප්‍රශ්නවලට තවම නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට හැකි උනේ නෑ. ඒ නිසයි නිහඬව හිටියේ. කීපදෙනෙකුට කියලා තියෙන්නේ තොරතුරක් ලැබුණ විගස දන්වන්නම්.

Rasanga said...

ස්තුතියි

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

// කුරුණෑගල ,කුලියාපිටියේ හීන් මස්බැද්ද සුලබව වැවෙනවා.
නුවර,විශේෂයෙන් රත්නපුර වගේ පැතිවල මහ මස්බැද්ද සුලබයි // දේශීය වෛද්‍යවරයකු වන මගේ මිතුරකු එවා තිබුණු පිළිතුර

Rasanga said...

බොහොම ස්තුතියි .

Malka said...

roga prathikarakayakata nam kola tikak laba diya hakiy. Plants are available at one of the nursery at Weliveriya- new kandy Road

Unknown said...

මස් බැද්ද පැළ ඇත 0773422573

Unknown said...

මස් බැද්ද පැළ ඇත 0773422573

Unknown said...

මස් බැද්ද නාරාහේන්පිට කිරි මංඩල මාවතේ පිහිටි කෘෂිකර්ම අායතනයේ පැල තවානෙන් මිල දී ගත හැක, පැලයක් රු.500 කි.

Unknown said...

sellakataragama vikunanawa api gatta 0702834813

Unknown said...

Komada labaganne

Unknown said...

Mas badda oni aya kiyanna oni taram ata

Unknown said...

Khd tynne

Unknown said...

දෙන්න පුලුවන් කොහෙටද මිල කොහොමද විස්තර දෙන්න මම ලග තියනව

Unknown said...

වැල් කැප්පිටියවලටමද මස් බැද්ද කියන්නේ

Anonymous said...

Masbedda pela ata.0716769334

Unknown said...

Thanks

Anonymous said...

Masbedda Pela Vikineemata Etha,Pelaya 450/=Mudal Bendeemen pasuwa Niwasatama Kuriya magin Ewanu Lebe(Dina Dekak Ethulatha)0777040920.

Chandrasiri said...

What is the payment procedure?

Unknown said...

මස්බැද්ද පැල විකිනිමට ඇත .....
පැලයක මිල 400
No- 0767639407

Unknown said...

Kohomada ganne

warama said...

මට මස්බැද්ද පැල හා කොල අවශ්‍යයි 0771785566

Unknown said...

මස්බැද්ද පැල ඇත . කෑගල්ල . 0719158532

Unknown said...

Kegalle koheda

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support