උද්භිද විද්‍යාත්මකව නියඟලා ද්වීලිංගික ශාකයක් වුවත් අලයෙහි ස්වරූපය අනුව වෙදකමේදී ස්ත්‍රී සහ පුරුෂ ලෙස වර්ග කිරීමකට ලක් කර ඇත. ස්ත්‍රී අලය වටකුරු හැඩයෙන් යුක්ත බවත් පිරිමි අලය නඟුලක් වැනි (L) හැඩයකින් යුක්ත බවත් පොතපතෙහි සඳහන් වේ. ලාඳුරු, උපදංශ, කල්ගිය වණ තුවාල, උඳුගොව්වා කෑම නම් චර්ම රෝගය, සර්ප විෂ ගංඩමාල, ඉදිමුන්, අර්ශස්, ගෝනුසු විෂ ආදි රෝග අවස්වථාන්හිදී බාහිර වශයෙන් යොදනු ලබයි. නියඟලා අල විෂ සහිත බැවින් විෂ මරා ඖෂධ සඳහා භාවිතා කළ යුතුය. ඒ සඳහා හොදින් සෝදා පෙති කපා ගත් අල ගව මුත්‍රයේ පැය 24 බහා තබා ඉන්පසු උණුවතුරෙන් සොදා වියළා ගත යුතු ය.
දරුන් බිහිවීම හෝ වැදෑමස වැටීම ප්‍රමාදවී වේදනා ගෙනදෙන අවස්ථාවන්හිදී නියඟලා අල අඹරා දෙපතුලෙහි හෝ යටිඩෙහි ගෑවිට වහා ප්‍රසූතිය හා වැදෑමස වැටීම සිදු වේ. නියඟලා පාචන ව්‍යුහය, රක්ත සංවහන ව්‍යුහය, ශ්වසන ව්‍යුහය, ප්‍රජනන ව්‍යුහය ආදීයේදී වඩාත් ක්‍රියාකාරී බව සඳහන් වේ. සිරුරේ ඇනුන කටුවක් වැනි යමක් ඉවත් කිරිමේදි අල ගලගා යෙදිමෙන් එය ඉවතට ඇදි එයි. උදුගොව්වන් කෑම නම් චර්ම රෝගයේදී නියඟලා අලයක් දෙහි ඇඹුලින් ගලගා අදාල ස්ථානයේ ආලේප කරයි. කිසිවෙකුට අනර්ථයක් කීරීමේ අදහසින් හෝ වශී කර ගැනීමේ අදහසින් කෑමට සැලැස්වූ යමක් විෂවූ විට, එම විෂ ඉවත් කිරීමට ආතුරයාගේ උසට සරිලන නියඟලා වැලක් ගෙන යාතුකර්මයක් සිදු කරයි. නියඟලා මාත්රනුකූලව වෙනත් ඔසු සමග යෙදීමෙන් ඉතා විශිෂ්ඨ ගුණ ලැබෙන හෙයින් දිගු කලක් ජීවත්වීමේ හැකියාව, කාර්යක්ෂමතාව, ශරිර ශක්තිය හා ආහාර දිරවීමේ හැකියාවද වැඩි දියුණු වන බව සඳහන්. අධි මාත්‍රව දිවි තොර කරන හෙයින් මාත්‍රව දැන අභ්‍යන්තර රෝගයනට යෙදිය යුතු ය.
නියඟලා අනවශ්‍ය ලෙස ශරීගත වීමෙන් බඩේ කැක්කුම හා විවිධ අපහසුතාවයන්ට ගොදුරු විමටත්, මරණය පවා සිදුවීමටත් ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදි වැල් පෙනල කොළ යුෂට උළුහාල් හා සුදු හඳුන් දමා උණුකර පෙරා ගිතෙල් සමග දිම හොඳය. එමෙන්ම පොල් කිරිවලට කළුදුරු කුඩු හා දෙහි ඇඹුල් දමා රත්කර දීමත් ඒ සඳහා ප්‍රතිකාරයකි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය , ඔසුතුරු විසිතුරු කෘති සහ පාරම්පරික වෛද්‍ය සෙනරත් මුදලිගේ මහතාගේ ලිපියක් ඇසුරින්
0 comments:
Post a Comment