දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, October 31, 2016

වේලා [Wela] (Cleome gynandra) සහ රම්මානිස්ස [Rammanissa] (Cleome viscosa)

වේලා 
රම්මානිස්ස සහ වේලා ශාක මීටරයක් දක්වා උසට වැඩෙන දේශීය වාර්ෂික පැළෑටි වේ. මෙම විශේෂ දෙකම පෙනුමින් බොහෝදුරට සමාන වන නමුත් වේලා ශාකයේ මල් සුදු පැහැති වන අතර රම්මානිස්ස මල් කහ පැහැතිය. එමෙන්ම රම්මානිස්ස කොළ තරමක් කුඩාය. වෙදකමේදී මෙම දෙවර්ගයම බෙහෝ දුරට එක සමාන ගුණයන්ගෙන් සමන්විත බව සලකා ඇති බව පෙනේ. දේශීය වෙද පොත්වල "සූර්යකාක්ත මුල්" ලෙස හඳුන්වා ඇත්තේ මෙම ශාකවල මුල් ය. ඇතැම් මූලාශ්‍රවල රම්මානිස්ස ශාකය වල් අබ ලෙස හඳුන්වා ඇතත් එය වැරදි ව්‍යවහාරයක් බව සඳහන්. රම්මානිස්ස ශාකය ඇතැම් පළාත්වල රන්වන් වෙලා ලෙස හඳුන්වන බවත් ප්‍රාණජීව වැනි දේශීය වෙදකමේ තෙල් වර්ග සහ වෙනත් වාතහර ඖෂධ වර්ග පිළියෙල කිරීමේදී භාවිතා කරන බවත් දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත. රම්මානිස්ස සහ වේලා ශාක Capparaceae උද්භිද කුලයට අයත් ය. 

වෙලා සහ රම්මානිස්ස යන ශාක දෙකම බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඌෂ්ණ ගුණ සහිතය. බාහිර ආලේපනයෙන් දාහය ඇති කරයි. තුවාල, කුඩා ළමුන්ගේ වලිප්පුව, ඉරුවාරදය, කණ් කැක්කුම, කොටරක ප්‍රදාහ, ඇදුම ආදියට ප්‍රතිකාර කිරීමට මෙම ශාකවල කොළ, මල්, ඇට, මුල් සහ සම්පූර්ණ පැළෑටිය එකවරමත් භාවිතා කරයි. මේවායෙහි ඇති විශබීජනාශක ගුණය නිසා පැසවූ තුවල ඉක්මනින් සුව වේ. එම හේතුව නිසා දේශීය වෙදකමේ වණ සහ තුවාල සඳහා භාවිතා කරන තෙල් වර්ග සිඳීමේදී රම්මානිස්ස යොදා ගනී. මෙම ඇට එම කොළවල යුෂින් අඹරා නලලේ ගෑම ඉරුවාරදයට ප්‍රතිකාරයකි. මෙම ශාක සෙම නසන වාතය සමනය කරන ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය


Share:

1 comments:

Anonymous said...

වේලා ශාකය වල් වේලා හා බෙහෙත් වේලා යනුවෙන් ග්‍රාමීය ව්‍යවහාරයේ හදුන්වන අතර වල් වේලා ශාකය කහ මල හා දම් පැහැති මලකින් සහිත අතර පත්‍රයෙන් කුඩාය.අනිත් බෙහෙත් වේලා ශාකය සුදු මලකින් යුතු අතර පත්‍රයෙන් තරමක් විශාලය අනිකට සාපේක්ශව.නමුත් මෙහි සදහන් රම්මානිස්ස ඡායා රූපය වැරදිය.රම්මානිස්ස ශාක පත්‍ර වෙනස්වේ.

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support